
ගොඩනැඟිලි පහසුකම් ලැබෙන්නේ නම්,යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උපතැපැල් කාර්යාල පිහිටුවීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.
අමාත්‍යවරයා අද (3) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
”යුද්ධය පැවැති ප්‍රදේශවල ගොඩනැඟිලි පහසුකම් නොමැති වීම උපතැපැල් කාර්යාල පිහිටුවීමට ගැටළුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගොඩනැඟිලි පහසුකම් ලබාදෙන්නේ නම් උපතැපැල් කාර්යාල පිහිටුවීම කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.අඩෙක්කලනාදන් මහතා සඳහන් කළේ, ගොඩනැඟිලි පහසුකම් ලබාදෙමින් අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.”
Post a Comment