Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ණය නිකුත් කිරීම ඉහළට  

Add comments

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයෙන් ණය නිකුත් කිරීම් 664 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 275 ක්.

කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ඒ තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය තුළින් අප්‍රේල් මස පළමු සතිය වන විට ණය නිකුත් කිරීම 664ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකා බැංකුව ඊයේ නිකුත් කළ ප්‍රගති සමාලෝචන වාර්තාව තහවුරු කරන්නේ එහි වටිනාකම රුපියල් මිලියන 275 ඉක්මවන බවයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර තිබෙනවා. දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ව්‍යවසායකයින් දැනුත් කරමින් ක්‍රියාකාරී ලෙස මෙම ණය නිකුත් කිරීම සිදු කෙරෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම සතිය වන විට ව්‍යවසායක ණය නිකුත් කිරීම 104 ක් බවයි ලංකා බැංකුව සදහන් කරන්නේ. එක් දිස්ත්‍රික්කයක් මගින් මෙතෙක් නිකුත් කළ ඉහළම ණය සංඛ්‍යාවද මෙයයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG