Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාසල්රී , මාවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් අඩුවෙයි  

Add comments

කාසල්රී , මාවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් අඩුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 ක් පහල බැස තිබෙනවා. විදුලි උත්පාදනය සදහා යොදාගත හැක්කේ එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 ක ප‍්‍රමාණයක්.

කාසල්රී ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමේ සිට අඩි 50 ක් දක්වා පහල බැස තිබෙනවා. එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් විදුලි උත්පාදනයට යොදාගත හැක්කේ අඩි දෙකක පමණ ප‍්‍රමාණයක් බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG