
අරකාවිල පොල්ගස් හන්දිය ප්‍රදේශයේදී කන්ටේනරයක් අනතුරට පත්වීමෙන් නිවසකට හා විදුලි රැහැන් කණුවකට හානි සිදු වුණා. අනතුර සිදුවන ආකාරය පසුපසින් පැමිණි රථයක තිබූ කැමරාවක සටහන් වී තිබුණා.
මීපේ සිට ඉංගිරිය දෙසට ධාවනය වූ කන්ටේනර් රථයකුයි මෙසේ අනතුරට පත් වුණේ අද අලුයමයි. අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථය විදුලි රැහැන් කනුවක්ද කඩා බිද දමමින් අසල තිබූ නිවසකට පෙරළී තිබෙනවා. අනතුරින් නිවසට දැඩි හානි සිදු වුණා. කන්ටේනර් රථයේ රියදුරා බීමත්ව සිටි බවටයි වාර්තා වන්නේ. අනතුරෙන් පසු කන්ටේනරයේ රියදුරු පලාගොස් ඇති බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
Post a Comment