
ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයේ රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ජනාධිපති කාර්යාලය සමත්වුණා.
ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධාන කළ මෙම තරගාවලිය සදහා ආයතන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටියා.
රාජ්‍ය අංශයේ ආයතනවල නායකත්වය, සේවාලාභී සබඳතා, සැලම්කරණය හා උපායමාර්ග, තොරතුරු හා දැනුම් කළමනාකරණය ඇතුළු අංශ ගණනාවක් යටතේ සේවා විශිෂ්ටත්වය නිර්ණය කෙරුණා. අන්තර් අමාත්‍යාංශ කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමටයි ජනාධිපති කාර්යාලය සමත්වුණේ. එම සම්මානය ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමා වෙත අද ඉදිරිපත් කළා.
ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න
මෙහිදී කාර්ය මණ්ඩලය සමග සුහද හමුවකට එක්වූ ජනාධිපතිතුමා ඔවුන් සමග ගීත ගායනයකට ද එක්වුණා.
Post a Comment