
රාත‍්‍රි කඩවීදි සහ දුර ගමන් සේවා බස් රථ නැවතුම් ආපනශාලා පරික්ෂාව අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීවයි එය ක‍්‍රියාත්මක වන්නේ.
පරිභෝජනයට නුසුදුසු ආහාර භාවිතය හේතුවෙන් ගැටළු රැසක් මතුව තිබෙනවා. එවැනි ආහාර විනාශ කිරිම හා වෙළඳසැල් හිමියන්ට එරෙහිව නිීිතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය පවසන්නේ.
හෝටල් සහ ආපන ශාලා ශ්‍රේණිගත කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ වුණා. කර්මාන්තශාලාවල පවත්වාගෙන යන ආපනශාලා පරික්ෂා කිරිමටත් පියවර ගෙන තිබෙනවා. උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ආරම්භ කිරිමටත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා.
හෙට දිනයේදී රජයේ ආයතන සහ පාසල් සිසුන් දැනුවත් කිරිමත් ඊට අයත්. ආහාර පරික්ෂා කිරිම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1600ක් පමණ යොදවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
Post a Comment