Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිය ගිය අය සිහි කිරීමට බර්ජ් කලීෆා ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකවත් වෙයි  

Add comments

පාස්කු ඉරු දින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිකිරීමට ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකවත් වීමේ විශේෂ සිදුවීම පිළිබදව ලෝකයේම අවධානය යොමුවුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා ධජයේ වර්ණ සමග ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආලෝකවත් කළේ ඊයේ (25) දිනයේයි. පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් විපතට පත්වූවන් සිහි කිරීම මෙහි අරමුණ වුණා. මීටර 828ක් උසකින් යුත් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල කොළ,  තැඹිලි, ආදී   ශ්‍රි ලංකා ධජයේ වර්ණවලින් සැරසී තිබුණා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල  පිරිසක් ඩුබායි හි සේවයේ නිරතව සිටිනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG