Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි  

Add comments

වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රදර්ශනය අද දිනයේ විවෘත කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන්නේ. ශ්‍රී ලංකා ජාතික මහා සභාව සහ සීමාසහිත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය එය සංවිධාන කළා. කාබනික එළවළු පළතුරු ඇතුළු වස විස නොමැති ආහාර වර්ග රැසක් මහජනතාවට මෙහිදී මිලදී ගත හැකියි. ඒ වෙනුවෙන් ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කර තිබෙනවා. අද රාත්‍රී නවය දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG