Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි මහ කන්නයට යාන් ඔයේ ප්‍රතිලාභ ජනතාවට  

Add comments

යාන් ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ඉදිරි මහ කන්නය වන විට  එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

යාන් ඔය වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේදී වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි වූ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගොවීන් හැත්තෑ එක්දෙනෙකු සදහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ හැටඑකක්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG