Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නඩු විභාග කිරීමේ දී ඇතිවන ප්‍රමාදවීම් වළක්වා ගැනීමට කාලසීමාවක් ලබාදිය යුතුයි  

Add comments

නඩු විභාග කිරීමේ දී ඇතිවන ප්‍රමාදවීම් වළක්වා ගැනීමට නම් නඩු විභාගයේ දී ඒ සඳහා කාලසීමාවක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයේ ආකල්පමය වෙනසක් ද ඇතිවිය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පවසයි.අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

වැඩිදුරටත ්අදහස්දැක්වූ අමාත්‍යවරයා,

” නඩුවක් ඉවර වෙන්න කාලයක් ගතවෙනවා. මෙය සලකා බැලිය යුතුයි,නඩුවල තදබදය ඇති වී තිබීම ගැන. මෙය අධිකරණ පද්ධතිය හෑල්ලු වෙනවා.මෙයට විසඳුමක් හැටියට යෝජනා කරනවා යම් කාලසීමක් පැවරිය යුතුයි, නඩු පැවරීම හා අවසන් කිරීම සම්බන්ධයෙන්.කෙටි ක්‍රම සකස් කළ යුතුයි.නඩුවලට භාජනය වන විත්තිකරුවන්ටත් අසාධාරණයක් වෙනවා.නඩු සම්බන්ධයෙන් යම් කිසි කාලසීමක් ලබාදිය යුතුයි.අවුරුදු ගණන් උසාවියේ තිබුණාම එය උසවියට කරදරයක් වගේම විත්තිකරුට සාධාරණයක් ඉටු වන්නේ නෑ.

බන්ධනාගාරවල තදබදය අනෙක් කරුණ. ඇප පනත තිබෙන්නේ ජනතාවට ඇප ගන්න පහසු කිරීමටයි.නීතිසම්පාදනය කරන්න ඕන,නඩු සරළ ක්‍රමයකට අවසන් කිරීමට උපදෙස් මලාවක් නිකුත් කිරීමට උසස් අධිකරණවලින් හා එහි විනිසුරුවරුන් විසින්.එවැනි ක්‍රමවේදයකින් දැනුවත් කිරීම වැදගත්. සමාන්‍ය දැනුමත් ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි,යුක්තිය ඉටු කිරීමට සහ නඩු ප්‍රමාදය වළක්වගැනීමට “යැයි ද අමාත්‍යවරයා පැවසී ය

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG