
තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගාන්ගේ පාලක පක්ෂයට අන්කාරාහි බලය අහිමි වුණා. පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අන්කාරාහි බලය හිමිව තිබෙන්නේ විරුද්ධ පක්ෂයටයි.
ඔවුන් ඉදිරියේදී සිදුකරන කි‍්‍රයාවලිය පිළිබඳ වැඩි අවධානයෙන් පසුවීම සැලසුම බව ඒ පිළිබද අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. නගරාධිපතිවරුන් සහ සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති මැතිවරණයට ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 57 ක්. අර්ඩෝගාන්ගේ පාලනය හමුවේ තුර්කියේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවකයි මැතිවරණය පැවැත්වුණේ.
Post a Comment