
ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ලබා දෙන පොලී අනුපාත පදනම් අංක දෙසීයකින් පමණ අඩුවෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. පසුගිය කාලයේ මහබැංකුව ගත් සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් තවත් වාසි රැසක් අත්වනු ඇත.
ණය අනුපාත පහත දැමීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ණය සැපයීම් යොමු කරවීම සදහා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. වෙළෙදපල ද්‍රවශීලතාව වර්ධනය කිරීම හා ව්‍යස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සදහා එක්දින පොලී අනුපාතික අඩු කිරීමට ක්‍රියාකළා. එසේ තිබියදි බැංකු හා මූල්‍ය ආයතන ණය ලබා දීමේදී අධික පොලී අනුපාත අය කිරීම මෙන්ම තැන්පතු සදහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම මහ බැංකුව නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාත පහත දමන ලෙසට අදාළ ආයතනවලට ඉල්ලීම් කෙරුණා. වයස අවුරුදු 18ට අඩු ළමුන් සදහා වන ඉතිරිකිරීමේ ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා පදනම් අංක 50ක් දක්වා අමතර පොලියක් ලබා දීමට බැංකු මෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතනවලට හැකියාවක් පවතින බව මහබැංකුව අවධාරණය කරනවා. ඉහත ක්‍රියාමාර්ග මගින් මූල්‍ය අංශය විසින් අරමුදල් වෙනුවෙන් දරනු ලබන අධික පිරිවැය අඩු වන බවද මහ බැංකුව නිවේදනය කරනවා.
Post a Comment