
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්නාරම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි උපුල් දයාප්‍රිය අලවත්ත මහතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 2008 වර්ෂයේදී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකුව පිලියන්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සිටියදී සිදු කළ වරදක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා ඊයේ අත්අඩංගුවට ගත්තා. පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 2018 දෙසැම්බර් 31 වනදා පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා අතුරුදන් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
Post a Comment