Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොකේන් තොගය අධි උෂ්ණත්වයක් යටතේ වාෂ්ප කෙරේ  

Add comments

මෙරට ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගෙන විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ කොකේන් තොගය අධි උෂ්ණත්වයක් යටතේ වාෂ්ප කිරීම අද සිදුකෙරුණා.

අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769 ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීමයි ඊයේ සිදුකෙරුණේ. කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී කොකේන් තොගය දියර බවට පත්කෙරුණා. අනතුරුව දැඩි ආරක්ෂාව යටතේ එම තොගය පුත්තලම ඉන්සි ඉකෝසයිකල් සමාගමේ සෙල්සියස් අංශක 1800 – 2000 ත් අතර වන උෂ්ණත්වයකින් යුත් උදුනක් තුල විනාශ කිරීම සිදුකෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේයි කොකේන් තොගය විනාශ කෙරුණේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ම24ත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද එම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG