
යට්ටෝවිට බෙලිගහ ප්‍රදේශයේදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
යට්ටෝවිට තිත්ත පත්තර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන තරුණයකුගේ සිරුරයි මෙලෙස සොයා ගැනුණේ. දොම්පේ පොලීසිය නාවික හමුදා මූලස්ථානය වෙත සිදු කළ දැනුම්දීමට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදා බටහිර නාවික විදානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙම සිරුර සොයා ගැනිමට සමත් වුණා.
Post a Comment