Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහරගම පාසල් රැසක සිදු කළ සංවර්ධන කාර්යයන් ජනපති අතින් සිසු අයිතියට  

Add comments

මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රීඩා සංකීර්ණයක් සහිත ක්‍රීඩා පිටිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. අද මෙලෙස සිසු අයිතියට පත් කෙරුණේ මහරගම ජනාධිපති විද්‍යාලය, මහරගම මධ්‍ය මහ විද්‍යාලය, කොට්ටාව ධර්මපාල සහ කෝට්ටේ මාදිවෙල පිහිටි ලංකාවේ ප්‍රථම සුහුරු පාසල යන විද්‍යාලවල නව ගොඩනැගිලියි.

මහරගම ජනාධිපති විද්‍යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගනු ලැබුවා. සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාලයේ අලුතින් ඉදිකළ අංගසම්පූර්ණ නව ශ්‍රවනාගාරය සිසු අයිතියට පවරා දුන්නේ ඉන් අනතුරුවයි. අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මහරගම මධ්‍ය මහා විද්‍යාලය වෙතයි. හොදම දේ දරුවන්ටයි සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන මත විද්‍යාලයේ ඉදිකළ අංගසම්පූර්ණ ශ්‍රවනාගාරය සිසු අයිතියට පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

කොට්ටාව ධර්මපාල විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසුන් විසින් මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව එම පාසලේ ඉදිකළ අංගසම්පූර්ණ ශ්‍රවනාගාරය ජනාධිපතිතුමා සිසු අයිතියට පවරා දෙනු ලැබුවා. ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් කෝට්ටේ මිරිහාන ප්‍රදේශයේ ඉදිකළ ක්‍රීඩාගාරයක් සහිත අංගසම්පූර්ණ ක්‍රීඩාංගනයක් වන ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගණය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.

කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහ විද්‍යාලය මෙරට පළමු සුහුරු පාසල බවට පත් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම පාසල ඉසුර විද්‍යාලය කෝට්ටේ ලෙස නම් කර සුහුරු පන්ති කාමර සහිත පාසල් සිව්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝටේ මහ නගර සභාව මගින් ඉදිකළ ජනජය සිටි සුපිරි වෙළෙද සංකීර්ණය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. මහල් 10 කින් යුත් සියලු පහසුකම්වලින් සමන්විත මෙම සුපිරි වෙළෙද සංකීර්ණය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙදහසක්. සමරු ඵලකය නිරාවරණය කර සුපිරි වෙළෙද සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG