Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේදී අපි පියවර රැසක් ඉදිරියට යා යුතුයි  

Add comments

නව තාක්ෂණය සමග පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේදී අප රට තව පියවර රැසක් ඉදිරියට යා යුතු  බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකළ කොට්ටාව මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පල කළා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදි වූ කොට්ටාව මාකුමුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් ජනතාවට බස් රථ, දුම්රිය  සහ කුලී රථ සේවාව යන ප්‍රවාහන අවශ්‍යතාව එකම ස්ථානයකින් සපුරා ගැනීමට අවස්ථාව හිමි වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා  දුම්රිය හෝ බස් රිය භාවිත කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීමට මහජනතාවට අවස්ථාව සළසා දී තිබෙනවා. එල්ඊඩී පුවරු මගින් නිරනතරයෙන් ජනතාව දැනුවත් කිරීම, ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැන ගැනීමට හැකි වීම මෙහි කැපී පෙනෙන කරුණක්. මීට අමතරව අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් වෙන් කිරීම  මෙන්ම දුම්රියේ හා බස් රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකි වීම විශේෂයි. ස්වං ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ  පහසුකම, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම්, ආපනශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදී පහසුකම් රැසක් මෙම මධ්‍යස්ථානයේ පිහිටුවා තිබෙනවා. විධිමත් නඩත්තුවකින් හා කළමණාකරණ ක්‍රියාවලියකින් මෙය සමන්විත වන අතර මධ්‍යස්ථානයේ සියලු බලශක්ති අවශ්‍යතා සපුරා ගන්නේ සූර්ය කෝෂ මගින්. සමරු ඵලකය නිරාවරනය කර බහුවිද මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා  සදහන් කළේ මෙම මධ්‍යස්ථානය ඉදකිරීම පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG