Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් හමුදා නිල ඇදුමට සමාන ඇදුම් 1116ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

රද්දොලුව මුතුවාඩිය ප්‍රදේශයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී ලොරි රථයක ප්‍රවාහනය කරමින් සිටි ගුවන් හමුදා නිල ඇදුමට සමාන ඇදුම් 1116 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

සීදූව පොලීසිය සහ ගුවන් හමුදාව ඒකාබද්ධවයි මෙම මෙහෙයුම සිදු ක‍ළේ. ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පිහිටි කම්හලක මෙම ඇදුම් නිෂ්පාදනය කරන බවත් මුතුවාඩිය ප්‍රදේශයට රැගෙනවිත් ඒවා සේදීම් කටයුතු සිදු කර නැවත කර්මාන්තශාලා වෙත රැගෙන යන බවත්ය.

කෙසේ වෙතත් හදිසි නීතිය ක්‍රියාත්මකව පවතින අවස්ථාවකදී මෙලෙස මෙම ඇදුම් ප්‍රවාහනය කිරීම නීති විරෝධී බවයි පොලීසිය සදහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG