Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 41ක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධීව මසුන් ඇල්ලූ පුද්ගලයින් හතළිස් එක් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය බ්ලැක්බේ ප්‍රදේශයේදීයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ධීවර කටයුතු සදහා තහනම් කරන ලද බ්ලැක්බේ ප්‍රදේශයේ නීතිවිරෝධී දැල් භාවිත කරමින් මොවුන් ධීවර කටයුතුවල නිරත වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

ධිවර කටයුතු සදහා යොදා ගත් ඩිංගි යාත්‍රා පහක්, පිටත දහන යන්ත්‍ර පහක්, තහනම් ධිවර දැල් සහ නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 94 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 41 දෙනා සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ සදහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාර දුන් බව නාවික හමුදාව පවසනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG