පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ අල සහ ලූනු කිලෝග්‍රෑම් 1500 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ජාඇල තුඩැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
පරිභෝජනයට නුසුදුසු එළවළු වර්ග ඇතුළු ආහාර අලෙවිකරන ස්ථානයක් පිළිබද ලද තොරතුරකට අනුව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි වැටලීම සිදුකළේ. අපිරිසිදු ස්ථානයක තෝරා වෙන්කරමින් තිබූ ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට එහිදී හැකිවුණා. එහි තිබූ අධිශීත ගබඩාවක් පරීක්ෂා කිරීමේ දී අපිරිසිදු තත්ත්වයේ තිබූ ඌරු මස් සහ කුකුළු මස් තොගයක් ද සොයා ගැණුනා. සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment