බලංගොඩ වලේබොඩ සිට ඇල්ලෙඅරාව දක්වා ඇගලුම් සේවකයන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇගලුම් සේවිකාවන් 19 දෙනෙකු සහ සේවකයන් 4 දෙනෙකු ඊට ඇතුලත්. රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පස්වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි බලංගොඩ පොලිසිය සදහන් කළේ.
Post a Comment