සිසු සැරිය සියලු බස්රථ හෙට (09) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා. පසුගිය සදුදා ධාවනයට යොදවා තිබුණේ බස්රථ 320 ක් පමණයි.
එහෙත් අඟහරුවාදා එය 651 දක්වා වැඩිකර තිබෙනවා. හෙට(09) සිට බස්රථ 728 ක් ධාවනයට යොදවන බවයි ගමනා ගමන මණ්ලයේ කාලසටහන් හා සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා සදහන් කළේ.
දිවයින පුරා සිසු සැරිය සේවාව ඒ අනුව සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. මේවන විට පාසල් සිසුන්ගේ පැමිණීම වර්ධනයවී තිබෙනවා.
Post a Comment