Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් කි‍්‍රඩා පුහුණුකරුවන් 3888ක් බඳවා ගැනේ  

Add comments

ජාත්‍යන්තර , ජාතික හා පළාත් මට්ටමින් ඉහල ජයග‍්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තුන් දහස් අටසිය අසු අට දෙනෙකු පාසල් කි‍්‍රඩා පුහුණුකරුවන් ලෙස පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

පත්විම් ලිපි ප‍්‍රදානය ලබන සඳුදා(13) අරලියගහ මන්දිරයේදි සිදු කෙරෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර, සමස්ත ලංකා සහ පළාත් තරඟ වලදී ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගනිමින් දක්ෂතා දැක්වු කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ඊට තෝරාගෙන තිබෙනවා.

ඒ විධිමත් ප‍්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණයකින් පසු. ඔවුන්ට විශේෂ නේවාසික පුහුණුවක් ලබාදිමේ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG