මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන් රෝයන්ට එරෙහිව පරා ඇති නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. රුපියල් 4000 ක දඩයක් මත ඔහු නිදහස් කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේ.
ගංජා මිලිග්‍රෑම 5750 ක් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. එම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර් ඉදිරියේයි.
Post a Comment