ත්‍රස්තවාදය ලොව කොතනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකික ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්.
පසුගිය අප්‍රේල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ එක්වුණා. එහිදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා පළාත් මුස්ලිම් තරුණ තරුණියන් මුණ ගැසී ජනාධිපතිතුමා සාකච්ඡා කළා. ජනාධිපතිතුමා නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළේ සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේදීයි. නැගෙනහිර පළාතේ රාජ්‍ය නියෝජිතයින් / රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද මෙම හමුවට එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ආරක්‍ෂක අංශවල සිදු කරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්‍ෂාව මේ වන විට නව මුහුණුවරක් හා සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. එම වැඩපිළිවෙළ මගින් සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද මෙහිදී අදහස් පළ කළා.
අනතුරුව සයින්දමර්දු ප්‍රදේශයට පැමිණීම වෙනුවෙන් සයින්දමර්දු ජුම්මා පල්ලියේ සභාපති වයි එම් හනීෆා මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමා එම ස්ථානයේදීම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමග හමුවකට ද එක්වුණා. එහිදී ජනාධිපතිතුමා කියාසිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘ භූමියේ කොතනකවත් ඉඩ නොතබන බවයි. එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළා. තරුණ තරුණියන් සමග සුහද කතාබහකට ද එක්වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවදානව ඇහුම්කන් දෙනු ලැබුවා. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්‍ෂා කරන බවයි. එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබද පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිතුමා පැවසුවා.
මෙම හමුවෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගොස් ජනාධිපතිතුමා එය නිරීක්‍ෂණය කළා.
Post a Comment