Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලිගාවත්තේ ළිඳකින් කඩු 46 ක් ඇතුළු භාණ්ඩ රැසක් හමු වෙයි  

Add comments

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ළිදක තිබූ කඩු 46 ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. රට පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙනවා.

මාලිගාවත්ත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදු කෙරුණේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි. එහිදී චිනයේ නිෂ්පාදිත කඩු 46 ක් සහ තවත් කඩු 12 ක් සොයා ගැණුනා. රිවෝල්වරයක්, සංයුක්ත තැටි 26 ක්, පිහි 53 ක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් ද මෙම වැටලීමේ දී සොයාගෙන තිබෙනවා. පැය තුනකට අධික කාලයක් සිදුකළ මෙම මෙහෙයුම සදහා පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් තුන්දෙනෙකුගේ සහාය ද ලබාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලු දෙනා පරීක්ෂා කිරීමට මෙන්ම ගමන් මළු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගැණුනා. දුම්රිය ස්ථානවල ආරක්ෂාවට දුම්රිය ආරක්ෂක සේවයට අමතරව යුද හමුදාව ද යොදා තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG