Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“එකට සිටිමු” තුන්වන දිනය අදයි  

Add comments

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අදයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ආරම්භ වුණේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍රකර ගනිමින්. මහජන වැඩසටහන් 600කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාවට නැංවුණා. දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 507ක් ඉලක්ක කර ගෙන ප්‍රධාන ව්‍යාපෘති විස්සක් ක්‍රියාත්මක කරනවා. පරිසරය සුරැකීම,  කසල කළමනාකරණය , ග්‍රාමශක්ති මෙන්ම රුක්රෝපණ , ගෙවතු වගා වැඩසටහන් ද ක්‍රියාවට නැංවුණා. එකට සිටිමු වැඩසටහනේ තවත් අදියරක් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදි ක්‍රියාත්මක කෙරුණා. දරුවන් සුරකිමු වැඩසටහන යටතේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG