Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්තවාදය විනාශ කිරීමට එක්ව කටයුතු කරන්නැයි ජනපතිගෙන් ප්‍රකාශයක්  

Add comments

ජාති  ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන්නොවී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලු දෙනා එකට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. මධ්‍යම පළාත් දේශපාලන නායකයින්,  රාජ්‍ය නිලධාරීන් හා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි. දේශපාලන වශයෙන් එකිනෙකා විවේචනය කරමින් හා ජාතිවාදය වපුරමින් බෙදී වෙන්වන විට ශක්තිමත් වන්නේ ත්‍රස්තවාදය බව අමතක නොකළ යුතු යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයටම අභියෝගයක් වූ අන්තවාදී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමේදී රටක් ලෙස සංහිඳියාව ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.

රටේ වත්මන් දරු පරපුර මෙන්ම මතු පරපුර වෙනුවෙන් ද ජාති හා ආගම් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා දෙස වෛරයෙන් බැලීමට කිසිවෙකු ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා තවදුරටත් කියාසිටියා. ත්‍රස්තවාදය මැඬලීමට ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG