Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්  

Add comments

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද රැස්වූ අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, එම කමිටුවේ සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළකිරීමත් සමගයි.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද රැස්වුණේ කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කමිටුවට සහභාගි වුණේ තරමක් ප්‍රමාදවීමෙන්. ඔහු කමිටුවට පැමිණිමත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළකරමින් රැස්වීමෙන් නැගිට ගියා. එහිදී කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

අනතුරුව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ පිරිසක් ද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියට පැමිණ අසාද් සාලි මහතාට විරෝධය පළකළා.

 

The post කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG