Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය පස්වරුවේ රැස්වෙයි  

Add comments

නව අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සහ උත්සවයට සහභාගීවූ රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වෙනවා. මෝදිගේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණේ නවදිල්ලි නුවර රාෂ්ට‍්‍රපති භවන් හිදී ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේයි.ඒ ඉන්දියාවේ 16 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙසින්.

68 හැවිරිදි නරේන්ද්‍ර ධර්මදාස් මෝදි මෙලෙස දෙවන ධුර කාලය වෙනුවෙන් දිවුරුම්දීම සිදුවුණේ පසුගියදා පැවැති ලෝක් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින්. දිවුරුම්දීමේ උත්සවයට ලෝක නායකයන් රැසක් සහ දේශපාලන නියෝජිතයන් ඇතුලු අට දහසකට වැඩි පිරිසක් සහභාගී වුණා.

නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 57 දෙනෙකු ද එම උත්සවයේදී දිවුරුම් දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද පස්වරු පහට පැවැත්වීමට නියමිතයි. නව සාමාජිකයන් රැසක් මෙම කැබිනට් මණ්ඩලයට ඇතුලත්වීම විශේෂත්වයක්.

නරේන්ද්‍ර මෝදි සහ දිවුරුමේ උත්සවයට සහභාගීවූ ලෝක නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා රැසක් අද පැවැත්වෙනවා. පළමු සාකච්ඡාව පැවැත්වුණේ කිරිජිස්තාන් ජනාධිපතිවරයා සමඟින්. අද දිනයේදී බිම්ස්ටෙක් රට වලින් පැමිණි රාජ්‍ය නායකයන් සමඟ මෝදි සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. බංගලිදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් සමඟ හයිද්‍රාබාද් නිවසේදී පෙරවරු 10.30 ට පළමු සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉන්පසු ශ්‍රී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට මෝදි සැලසුම් කර තිබෙනවා. සෑම සාකච්ඡාවක්ම විනාඩි 20 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය රජයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙන්නේ.

The post නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය පස්වරුවේ රැස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG