පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස පන්දහසක් පරික්ෂාවට ලක්කර ඇති අතර සැකකරුවන් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව දිස්ත්‍රික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී හෙළි කෙරුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබද සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පසුගිය දිනවල නිවාස පන්දහසක් පූර්ණ පරික්ෂාවකට ලක් කෙරුණු අතර සැකකරුවන් අනූ දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඉන් පස් දෙනෙකු රදවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුනා.
බෝම්බ ප්‍රවාහන කළ ලොරි රථයක් ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ. ධම්මික වීරසේකර මහතා සදහන් කළා. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හා මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
Post a Comment