කටුගස්තොට සහ නාත්තන්ඩිය ප්‍රදේශවල පොලීසිය සිදුකළ සෝදිසි කිරීම්වලදී ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී මෝටර් රථයක් පරීක්ෂා කළ පොලීසිය ස්වයංක්‍රීය පිස්තෝලයක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක් සහ උණ්ඩ ඇතුළු අවි කිහිපයක් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අවුරුදු 35 සහ 56 යන වයස්වල පසුවන්නන් වනවා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ මැගසිනයක් සමග සැකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහු වයස අවුරුදු 30 ක් වන නාත්තන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ. සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment