ත‍්‍රස්තවාදය මර්දනය කිරිම සදහා ශ‍්‍රී ලංකාව හා මාලදිවයින අතර විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා අතරයි. අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පැවැත්වුණා.
ගෝලීය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වන අවස්ථාවක සමස්ත ලෝකයේම ආරක්ෂාව වෙනුවෙන් කලාපයේ සියලු රටවල ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කළ යුතු බවයි විදේශ අමාත්‍යවරයා සදහන් කළේ. රටේ ඒකීයභාවය ආරක්ෂා කිරිමට ගත් දූරදර්ශ්‍රී නායකත්වය පිළිබඳව අබ්දුල්ලා ෂාහිඩ් මහතා අග‍්‍රාමාත්‍යවරයාට ප‍්‍රශංසාව පළකළා. ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මැඩලීමට ගෝලීය ප‍්‍රජාව එක්ව ක‍්‍රියාත්මක කළ යුතු බවයි එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
Post a Comment