වන විනාශයට සහ දැව ජාවාරමට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම තීරණයට එළඹ ඇත්තේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයී.
විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග හමුවකට එක්වුණා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ නීත්‍යානුකූල නොවන අන්දමින් දැව ලග තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත්‍ර වහාම අහෝසි කරන ලෙසයි. දිවයින පුරා වැටලීම් පුළුල් කරමින් දැව ජවාරම මැඩලීමට අදාළ නීතිරීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. මෙහිදී අලුතින් වඩුමඩු ලියාපදිංචි කිරීම නතර කිරීම පිලිබදවද අවධානය යොමු වුණා. ජූනි 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත වන සංරක්ෂණ සහ රුක් රෝපණ වැඩසටහන පිලිබදවද මෙහිදි සාකච්ඡාවට ලක් වුණා. වන ආරක්ෂණ සදහා දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන නිලධාරීන් ඇගයීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිලිබද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.
The post වන විනාශයට සහ දැව ජාවාරමට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment