පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
තමා අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිතුමා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයිනුයි මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ.
The post පොලිස්පතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් appeared first on ITN News.
Post a Comment