Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නරේන්ද්‍ර මෝදි හෙට දිවුරුම් දීමට සූදානමින්  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමේ උත්සවය හෙට පැවැත්වෙනවා. රාජ්‍ය නායකයින් රැසක් උත්සවයට සහභාගී වීමට නියමිතයි.

නවදිල්ලිනුවර පිහිටි ජනාධිපති නිල නිවසවන රාෂ්ට්‍රපතිභවන් හිදී පැවැත්වෙන උත්සවය හෙට පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ත් ඉදිරියේ නරේන්ද්‍ර මෝදි දිවුරුම් දෙන්නේ ඉදිරි වසර 05 සදහායි.  බිම්ස්ටෙක් සමුළුවට අයත් රටවල නායකයින්ට  උත්සවයට ආරාධනා කර තිබෙනවා. මෙම උත්සවයට ආරාධිතයින් 5000 ත් 6000 ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හෂීනා උත්සවයට සහභාගි නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර නැති බව වාර්තා වනවා. පසුගියදා පැවති ඉන්දීය මැතිවරණයෙන් ආසන 346 ක් හිමිකරගනිමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට නරේන්ද්‍ර මෝදිට හැකි වුණා.

 

 

 

The post නරේන්ද්‍ර මෝදි හෙට දිවුරුම් දීමට සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG