Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඩාටුගම තවුහිද් ජමාද් පල්ලියට කඩාදැමීමට ප්‍රධාන මුස්ලිම් පල්ලියේ සහායත්…  

Add comments

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තිබූ තවුහිද් ජමාද් සංවිධානයේ පිරිසකට අයත් පල්ලියක් කඩා දැමීමට ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ක්‍රියා කළා. ඒ සදහා මඩාටුගම ප්‍රධාන මුස්ලිම් පල්ලියේ සහාය ද ලැබී තිබෙනවා.

ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් තිබියදී විදේශ සංවිධානයක ආධාර ඇතිව තවුහිද් ජමාද් පල්ලිය ඉදිකර තිබෙනවා. මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශවලින් මුදල් ලැබුණු ආකාරය අරාබි අක්‍ෂරවලින් සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ. කඩා බිඳ දැමූ පල්ලියට නමක් නොතිබූ බව ද සඳහන්. කෙසේ වුව ද පැරණි මුස්ලිම් පල්ලියට දැන් ආගමික කටයුතු සඳහා ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවයි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදීන් කුමක් සිදු කළ ද ජනතා සමගිය ආරක්‍ෂා කිරීම අතිශය වැදගත් බව කුරුණෑගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පවසනවා. ජාතික ආරක්‍ෂාව උදෙසා අපි සැවොම එක්වෙමු යන තේමාව යටතේ කුලියාපිටියේ පැවති හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

මේ අතර අත්අඩංගුවට ගත් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා.

 

The post මඩාටුගම තවුහිද් ජමාද් පල්ලියට කඩාදැමීමට ප්‍රධාන මුස්ලිම් පල්ලියේ සහායත්… appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG