පැවැති වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය තරමක් අඩුවනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරනවා.
සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ති‍්‍රක්කවලත් සවස දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60 ක පමණ වේගයෙන් සුළං ඇති විය හැකියි.
Post a Comment