Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිබ්බටුවාවේ සුමංගල ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනයට අගමැතිගෙන් සුබාශිංසන  

Add comments

පෙර සඟ සිරිත ජීවමාන කරමින් ලක්දිව බුදු සසුනේත් අප දේශයේත් අභිවෘද්ධිය උදෙසා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ඉටු කරන මෙහෙවර අපිරිමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන්වහන්සේ ලෙස එහි ඉදිරි ගමන වෙනුවෙන් ලබා දෙන පූජණීය නායකත්වය හා පරමාදර්ශය සමස්ත දේශයට ආලෝකයක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. එම අමිල මෙහෙවර වෙනුවෙන් බැතිබර පූර්වක ප්‍රණාමය පුද කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. තීරණාත්මක සමාජ දේශපාලන කටයුතුවලදී අවවාද, අනුශාසනා දෙමින් නිවැරදි මග පෙන්වන මහනායක ස්වාමීන්වහන්සේගේ කාර්යය ද අගය කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම තම දේශපාලන ගමනට මෙන්ම රටේ කටයුතුවලට ලබා දෙන සහයෝගය හා ධෛර්යය ද කෘතවේදීව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් සිහිපත් කරනවා.

 

 

 

 

The post තිබ්බටුවාවේ සුමංගල ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනයට අගමැතිගෙන් සුබාශිංසන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG