Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙසක් උත්සව සඳහා ආරක්ෂාව සහ සහයෝගය රජය ලබාදෙනවා  

Add comments

මහානායක හිමිවරුන්ට හා විහාරාධිපතිවරුන්ට කැමැති ආකාරයට වෙසක් උත්සවය පැවැත්විය හැකි බවත් රජය වෙසක් උත්සව සඳහා ආරක්ෂාව සහ සහයෝගය ලබාදෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය

වෙසක් දින උත්සව සඳහා ආරක්ෂාව සලසා දිය යුතු බවත් රටේ තත්ත්වය හේතුවෙන් වෙසක් උත්සව නවතා දැමිය නොහැකි බවත් රජය ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පියවර කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ ය.

වෙසක් උත්සවය සම්බන්ධයෙන් මහනායකහිමිවරුන් හා විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත අනුව වෙසක් උත්සවය පැවැත්විය හැකියි .ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා ආරක්ෂව රජය ලබාදෙනව. රජය මේ සඳහා තහංචි පනවන්නේ නෑ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG