දිවයින පුරා වැටලීම්වලට විශේෂ කාර්යබලකාය ද එක්ව සිටිනවා. ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලදී ද සැකකරුවන් සහ විවිධ භාණ්ඩ අත්අඩංගුවට ගත් බව එම බලකාය සදහන් කරනවා.
විශේෂ කාර්ය බලකාය කැබිතිගොල්ලෑව කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සැක සහිත බැංකු ගිණුම් පොත් හතක් හාඩ් ඩිස්ක් 18ක් ,ලිපි ගොනු කට්ටල තුනක් සහ ලියාපදිංචි කර නොමැති යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාඩ් ඩිස්ක් සහ ලිපි ගොනු හමුවී ඇත්තේ වලදමා තිබියදීයි. සිඩී තැටි 48ක් ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මේ අතර බේරුවල ප්‍රදේශයේ ඊයේ කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ටැබ් පරිගණකයක් ද සමඟ අත්අඩංගුවට ගැනුණා. අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
Post a Comment