උඩවලව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුලුවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වනෝද්‍යානයේ මව්ආර ජලාශය ආසන්න ප‍්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
ඔහු සතුන් දඩයමේ නිතරවූ බවට ද පරීක්ෂණවලදී හෙලිවුණා. මේ අතර වනෝද්‍යානයේ දිවිතුරුගල ප‍්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකින් අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔහු ළඟ තිබී අත්පෝරුවක් ද සොයාගෙන තිබෙනවා.
Post a Comment