එල්ටීටිඊ සංවිධානය යළි නගාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් යොමු කළා. ඒ මෙම නඩුව අද කැද වූ අවස්ථාවේයි.
සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් කර ඇති බවයි.
එම වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම අංශය අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළා.
Post a Comment