ප්‍රදේශ තුනකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර ඔරලෝසු කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. ඉන් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. අනතුරෙන් මියගියේ වයස අවුරුදු 56 ක් වන නුගේගෝඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. ලොරි රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. එක් ලොරි රථයක් ප්‍රධාන මාර්ගය අසල නවතා තිබියදීයි අනෙක් රථය එහි ගැටී තිබෙන්නේ. එම රථයේ සහායකයායි මෙහිදී ජීවිතක්ෂයට පත්වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. එහිදී තුවාල ලැබූ යතුරුපැදිකරු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 54 ක් වන අම්පාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකුද ඒ අතර වනවා.
Post a Comment