ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යළි ආරම්භ කර තිබෙනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් නතර කර තිබූ ඉඩම් ඔප්පු පිරිනැමීම යළි ආරම්භ කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඉඩම් ඔප්පු ප‍්‍රදානය ඇල්පිටියේ දි හෙට(11) සිදු කෙරෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. දිස්ත‍්‍රික්කයේ ඉඩම් හිමිකම් නොමැති සියලු දෙනාට ඔප්පු පිරිනමන බවයි එඩ්වඩ් ගුණසේකර මහතා සදහන් කළේ.
නිත්‍යානුකුල ඉඩම් අයිතිය තහවුරු කිරිමේ අරමුණින් ජාතික වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි එඩ්වඩ් ගුණසේකර මහතා පවසන්නෙ.
Post a Comment