Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියා අගමැතිට බිත්තර ප්‍රහාරයක්  

Add comments

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. මහ මැතිවරණය වෙනුවෙන් පැවති හමුවක් අතරතුර ඊට එක්වූ කාන්තාවක මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළා.

ලබන සතියේ ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ආරම්භ වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඇල්බරි ප්‍රදේශයේ පැවති කාන්තා සංවිධානයක රැළියකට සහාභාගි වූ අවස්ථාවේ දීයි මෙලෙස බිත්තර ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. 25 හැවිරිදි එම කාන්තාව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසීය කටයුතු කළා. කෙසේවුවද මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාම ගොවි සංවිධාන විරෝධතා පැවැත්වූවා. ඒ අනුව ගොවි සංවිධානයක නියෝජිතවරියක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG