Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 3 වන අදියර අම්පාරෙන් ඇරඹෙයි  

Add comments

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වැනි අදියර ඊයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක වුණා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සක් තුළ සංවර්ධන ව්‍යාපෘති තුන්දහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ඊයේ ආරම්භ වුනේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍රකර ගනිමින්. මහජන වැඩසටහන් 600කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාවට නැංවුණා. මෙහිදී දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 507ක් ඉලක්ක කර ගෙන ප්‍රධාන ව්‍යාපෘති විස්සක් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන, සුරකිමු දරුවන්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, රණවිරු සේවා, ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන, ඩෙංගු මර්දන සහ ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන් ඒ අතර ප්‍රධානයි. ඊට අමතරව පරිසර සුරැකීම, කසල කළමනාකරණය, ග්‍රාමශක්ති මෙන්ම රුක්රෝපණ, ගෙවතු වගා වැඩසටහන් ද ක්‍රියාවට නැංවුණා. එකට සිටිමු වැඩසටහනේ තවත් අදියරක් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදි අද දිනය පුරා ක්‍රියාත්මක කෙරෙනවා . රුක්රෝපන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් අද උදෑසන කාලයේ ක්‍රියාත්මක කළ  බවයි එහි සිටිනි අප නියෝජිත ඉන්දික තුෂාර ප්‍රකාශ කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG