විල්පත්තුව පූක්කුලම් ප්‍රදේශයේ මාලු වාඩියක තිබී නීති විරෝධී ධීවර දැල් 60 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.
පූක්කුලම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදීයී මෙම ධීවර දැල් සොයා ගැනීමට හැකි වී ඇත්තේ. හිමිකරුවකු නොමැතිව මාලු වාඩියක දමා ගොස් තිබූ මීටර් 500ක දිගින් යුත් නයිලෝන් වර්ගයේ ධීවර දැල් 60 ක් සොයා ගැනුණා. නාවික හමුදා භාරයට ගත් මෙම ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
Post a Comment