මිගමුව කොච්චිකඩේ , පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සදහා මිගමුව පොලිස් කොට්ඨාසයට බලපැවැත්වෙන ලෙස පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදැසන 7.00ට ඉවත් කළා.
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ දිනයේ දී එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවුණා.
මේ වනවිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. දෛනික කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ අතර ෆෙස්බුක්, යූ ටියුබ්, වට්ස්ඇප් සහ වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක් කෙටිකාලයක් සඳහා තාවකාලිකව අවහිර කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
මීගමුවේ ඇති වූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ විකෘති කිරිමට ඇතැම් පිිරිස් උත්සාහ දැරූ බවයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා කියා සිටියේ. එමඟින් ඇති විය හැකි අනිසි බලපෑම් වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව අප කළ විමසීමකදී රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
Post a Comment