Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආගම් සතු ශ්‍රී ලාංකේය ලක්ෂණ යටපත් කිරීමට අන්තවාදයට ඉඩදිය නොහැකි බව අගමැති පවසයි  

Add comments

මෙරට සියලු ආගම් සතු ශ්‍රී ලාංකේය ලක්ෂණ යටකිරීමට අන්තවාදයට ඉඩදිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්වතු,  අස්ගිරි හා රාමඤ්ඤ නිකායන්හි මහානායක ස්වාමීන් වහන්සේ බැහැකීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටුවේ මහනුවර මල්වතු මහා විහාරයේදීයි. මහ නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මහ නාහිමියන් සමග අග්‍රාමාත්‍යවරයා කෙටි පිළිසදරකද නිරත වුණා.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ මැණික්හින්න,  හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූලමහා විහාරස්ථානයේදීයි. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවන් හැකිතරම්  විහාරස්ථාන තුලදීම සිදු කිරීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මහානායක ස්වාමීන් වහන්සේට මෙහිදී පෙන්වා දුන්නා.

උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG